විදුහල්පති තුමාගේ පණිවිඩය
කාවන්තිස්සපුර මහා විද්‍යාලය

දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගල අප පාසල සබරගමු පළාතේ ඇති දීප්තිමත් පාසලකි. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියති.
විසි අට වසරක් වන කාවන්තිස්සපුර මහා විද්‍යාලය කෙටි කාලයක් තුළ ප්‍රාථමික අංශයේ සිට මහා විද්‍යාලයක් දක්වා උසස් වී ඇත. අධ්‍යාපනික සාධනය මෙන්ම,ජාතික මට්ටමේ සහ පලාත් ජයග්‍රහණ , විෂය සමගාමී ක්ෂේත්‍ර ඔස්සේ අත්කරගෙන ඇත.
සිසුන් 05 ආරම්භයත් සමඟ වර්තමානය වන විට සිසුන් දහස ඉක්මවා ඇති අප පාසලේ සිසු දරුවන් විසින් ඉදිරි වර්ෂ වලද මෙතෙක් ලබා ගත් ජයග්‍රහණ මෙන්ම තාක්ෂණික අංශය ද සංවර්ධනය කර ගනිමින් සබරගමු පළාතේ දිදුලන පාසලක් බවට
පත් කරනු ඇතැයි විශ්වාස කරමි
විදුහල්පති
කාවන්තිස්සපුර මහා විද්‍යාලය