නියෝජ්‍ය විදුහල්පති තුමියගේ පණිවිඩය
කාවන්තිස්සපුර මහා විද්‍යාලය

ඇඹිලිපිටිය නගරයට ආසන්න කාවන්තිස්සපුර ප්‍රදේශයේ පිහිටි කාවන්තිස්සපුර මහා විද්‍යාලය වසර විසි අටක් වැනි කෙටි කාලයක් තුළ ඉතා වේගයෙන් සියළුම අංශයන්ගෙන් වර්ධනය වූ පාසලකි.
ග්‍රාමීය ආර්ථිකයත් සමග බැඳුනු අහිංසක දෙමාපියන්ගේ සොඳුරු සිත් ඇති දරුවන් දහසකගේ නෙත් හදන පාසලට වෙබ් අඩවියක් නිර්මාණය කිරීම දරුවන් ලෝකය සමග යා කරන පාලමක් සේය.
දරුවන්ට විශ්වය සමග ජය ගන්නට මෙවන් අනගි අවස්ථාවක් උදා කර දීමට අනුග්‍රාහක දායකත්වය දැක්වූ ආයතන වලට හා වෙබ් අඩවිය නිර්මාණයට කැපවී කටයුතු කළ තොරතුරු තාක්ෂණ ඒකකය භාර ගුරුතුමියටත් , දරුවන්ටත් හෘදයාංගම ස්තුතිය පළ කරමි.
කාවන්තිස්සපුර විදුහල් මාතාව නොනැවතී ඉදිරියටම යන රටටම සිසිල සදන්නට කෙම් බිමක් වීමට මාගේ හදවතින්ම සුභ පැතුම් එක් කරමි.
කාවන්තිස්සපුර මහා විද්‍යාලය
නියෝජ්‍ය විදුහල්පති